වන අලි දෙදෙනෙකු දුම්රියේ ගැටෙයි..
By Sithumi
කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ තිරිඟු පිටි ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තිබෙනවා. හබරණ ගල්ඔය දුම්රිය ස්ථාන අතර රක්ෂිත ප්‍රදේශයේදී අද රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම අනතුරත් සමග දුම්රිය ද පීලි පැනීමට ලක්ව තිබෙනවා. වන අලි තුන්දෙනෙකු දුම්රියේ ගැටී ඇති අතර එක් වන අලියෙකු තුවාල ලබා ඇතැයි සඳහන්. මියගොස් ඇත්තේ වන අලි පැටවුන් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රි එම මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර තිබෙනවා.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.