ඔබත් මේ ප්‍රදේශ වලද..විදුලි සැපයුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Minister of Energy and Power Latest Headlines
By Sewvandhi Feb 09, 2025 11:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදුලිබල මණ්ඩලය පවසන්නේ, අද (09) උදෑසන මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බවයි.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ඒ අනුව, කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම සහ සපුගස්කන්ද ඇතුළු ප්‍රධාන ප්‍රදේශ සහ ආයතන කිහිපයකට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කළ බවයි.

කොළඹ ප්‍රධාන පද්ධතියට අයත් "පානදුර ග්‍රිඩ් උපපොළේ" ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇණ හිටිනු ලැබුවා.

පානදුර ග්‍රිඩ් උපපොළ ආශ්‍රිත පද්ධතියේ වඳුරෙක් ගැටීම නිසා මෙලෙස විදුලිය විසන්ධි වීම සිදුවූ බවයි, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ.

කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පසුව මෙම තත්ත්වය "පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්" ලෙස විස්තර කළේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තහවුරු නොකරමින්.

ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, හැකි ඉක්මනින් විදුලිය නැවත ගෙන ඒමට කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

ReeCha