ත්‍රීරෝධ රථ සම්බන්ධව රජයෙන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Sri Lanka Electric Vehicle
By Aruna Aug 26, 2022 04:36 AM GMT
Aruna

Aruna

Report


ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියට අදාළ නීතිමය පසුබිම සකස් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමේ විශේෂ සම්මන්ත්‍රණයක්මේ මස 30 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික සහ රෙගුලාසි පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now