විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය
By Sithumi
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර තිබෙනවා.
අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානියා සහ එම ආයතනයේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග ඊයේ (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී වර්තමානයේ සිදුකරමින් පවතින විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙළ පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති, විදුලිබල ක්ෂේත්‍රය නියාමනය, විදුලි ගාස්තු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
මිට අමතරව විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සදහා ක්‍රියාත්මක කරන ණය ක්‍රම ගැන ද අවදානය යොමු කෙරුණු බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ