තවත් දින 16කින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ බලය විෂයභාර ඇමතිට

By Wasantha Jul 25, 2021 10:51 AM GMT
Wasantha

Wasantha

Report

වසර ගණනාවක් මුළුල්ලේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දමා ඇති මොහොතක පළාත් පාලන ඡන්දය පවත්වන දින වකවානුද මේ වනවිට ආසන්න වී තිබෙනවා.

2018 වසරේ අවසන් වරට පළාත් පාලන ඡන්දය පැවති අතර, ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10 වන දිනට පෙර පළාත් පාලන ඡන්දයද පැවැත්විය යුතුයි. 2017 අංක 16 දරණ පළාත් සභා හා පළාත් පාලන පනතේ ප්‍රතිපාදන අනුව පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනට මාස හයකට පමණ එම ඡන්ද විමසීම කැදවීමේ බලය පවතිනවා.

ඒ අනුව තවත් දින 16 කින් අනතුරුව අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ. පළාත් සභා මැතිවරණයද කල්දමා ඇති මොහොතක මෙන්ම කොරෝනා තත්වයද හේතුවෙන් පළාත්පාලන මැතිවරණය ද කල්දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයාට බලතල ඇත්තේ වසරක් ඉක්මවන තුරු පමණයි.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10 වනදා මැතිවරණය නොපවත්වා, 2023 වසරේ පෙබවාරි 10 වනදා දක්වා එය කල් දැමීමටද විෂයභාර අමාත්‍යවරයාට බලතල පවතිනවා. එසේම අවශ්‍ය නම් තවත් දින 16 කින් වුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතිනවා.