ඡන්ද මේ විදිහට දැම්මොත් නම් අවුරුද්දක් හිරබත් කන්න වෙයි..අදම දැනුවත්වන්න..
ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ,වංචනිකව ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළ බවයි.
එම චෝදනාව සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් ද නියම කල හැකිය.
අදාළ නීති ,2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ තරකර තිබේ.
මීට පෙර වංචනිකව ඡන්දය ප්‍රකාශකරන පුද්ගලයකුට නියම කල දඩ මුදල රුපියල් 500කි.
මේ අතර, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී වේ. ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දී ඇත්තේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එමෙන්ම, අපේක්ෂකයින් වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් එහි සඳහන් ව තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව අනීතික ලෙස ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ නම් ප්‍රවර්ධනය සිදුකරනු ලබන අපේක්ෂකයාට මෙන්ම ප්‍රවර්ධනයට ලක්වන අපේක්ෂකයාට ද මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පැවසීය.