බෑ කිවුවා..ඡන්ද උණුසුමත් සමග ගුටිකෙළි - රෝහලටත් ගිහින් පොලිසියටත් යයි
නාවලපිටිය ප්‍රදේශයෙන්, අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදී ඇති බව වාර්තා විය.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදුකර ඇති බවයි, වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
එම පුද්ගලයාට පහර දෙන අයුරු එම වෙළෙඳසැලේ සවි කරතිබු ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.
මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණ වන අතර, නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයාට මෙසේ පහර දී ඇත.
සජබ නාවලපිටිය ආසන සංවිධායකවරයා ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළෙඳසැල තුළ ට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබාදී ඇත.
එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර තිබුණි.
පහර කැමෙන් පසු එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් කර අද (16) දින රෝහලෙන් පිටව ගොස් ඇත.