ඡන්දයට නිවාඩු ලබාදීම ගැන රාජ්‍ය සහ පෞද්ගලික අංශයට විශේෂ දැනුම්දීමක්..

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024 srilanka presidential election 2024
By Aruna Sep 14, 2024 02:52 AM GMT
Aruna

Aruna

Report

ඡන්දය සඳහා පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, යම් ආයතනික ප්‍රධානියෙකු මෙම නීතිය නොසලකා කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවෙකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් හිමිවන බවයි.

එවැනි සිදුවීම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති අපේක්ෂක විජයදාස රාජපක්ෂගෙන් විශේෂ හෙළිදරව්වක්.. රනිල්,සජිත් සහ අනුර කරන දේ මෙන්න.

ජනපති අපේක්ෂක විජයදාස රාජපක්ෂගෙන් විශේෂ හෙළිදරව්වක්.. රනිල්,සජිත් සහ අනුර කරන දේ මෙන්න.


එමෙන්ම එවැනි සිද්ධීන් ඇති වුවහොත් ඒ පිළිබඳව තම සංවිධානය දැනුවත් කරන ලෙසයි පැෆ්රල් සංවිධානය සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව, රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දක්වා ඇත.

නමුත් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැනවූ එවැනි විශේෂ නිවාඩු නොමැති හෙයින් සේවා යෝජකයන් සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු නොදෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.


ඒ අනුව, පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු ලබා දීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කර ඇත. එය පහත පරිදි වේ.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු - දින භාගයක නිවාඩුවක්

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ත් කිලෝමීටර් 100ත් අතර - දින එකයි

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 100ත් කිලෝමීටර් 150ත් අතර - දින 1 1/2

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 150ට වැඩි - දින 2යි

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..


එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනුයේ, සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු අතර, සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාල සීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙළ කර සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ👇

Gallery