කාලගුණයෙන් මුළු ලංකාවටම වලංගු දරුණු නිවේදයක් - සැප්තැම්බර් දක්වාම නියං කාලයක්?

Report

නිරිත දිග මෝසම් කාලසීමාව තුළ එල්-නිනෝ (El Niño) තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම දික්ගැස්සුණු නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මේ බව සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ පානීය ජලය මෙන්ම වාරි මාර්ග කටයුතු සඳහා පවතින ජල සංචිත ඉතා අරපිරිමැස්මෙන් කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය බව ඒ මහතා අවධාරණය කළේය.

එසේම දැනට පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය මෙම අප්‍රේල් මාසය පුරාම බලාපොරොත්තු විය හැකි බව ද අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

පවතින ජල හිඟය හා උණුසුම හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

යුද්ධයේ සටන් විරාමය වෙනුවෙන් දින දෙකක් නිවාඩු ලෙස ප්‍රකාශ කරයි - ඉරාන දූතයන් අද පකිස්ථානයට

යුද්ධයේ සටන් විරාමය වෙනුවෙන් දින දෙකක් නිවාඩු ලෙස ප්‍රකාශ කරයි - ඉරාන දූතයන් අද පකිස්ථානයට

ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

"අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින උණුසුම් තත්ත්වය මේ මාසය පුරාවටමත් අඩු වැඩි වෙවි ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතී කියලා. 20න් විතර පස්සේ නිරිත දිග මෝසම පටන් ගන්නවා. නිරිත දිග මෝසම පටන් ගන්නකොට මේ උණුසුම ටිකක් අඩුවෙනවා. ඒත් දැනට මේ දැනෙන දැඩි අපහසුකාරි තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 3 වෙනි සතියෙන් විතර පස්සේ ගොඩාක් දුරට පහවෙලා යාවී. ඒත් එක්කම මේ නිරිත දිග මෝසමේදී එල්-නිනෝ තත්ත්වයක් ආවොත් ජූනි, ජූලි, අගොස්තු වැස්ස අඩු වෙනවා සැප්තැම්බර් දක්වාම. නියං කාලයක් ඒවී. ඒ නිසා හැම අංශයෙන්ම පානීය ජලය, සියලුම විදියට වාරි මාර්ග කටයුතුවලට ජලය කළමනාකරණය කරන්න සිදුවෙයි. විශේෂයෙන් ඉදිරියේ දී ඒ ගැන අවදානය යොමු කරන්න වේවි."

මේ ප්‍රදේශ වලට ජල කප්පාදුව අද සිට හෙට දක්වා

මේ ප්‍රදේශ වලට ජල කප්පාදුව අද සිට හෙට දක්වා