අධි ආරක්‍ෂිත කලාප සම්බන්ධයෙන් ජනපතිගෙන් උපදෙස් - පවරා ගත් ඉඩම් සම්බන්ධයෙනුත් ජනතාවට සතුටු හිතෙන ආරංචියක්

Report

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කර බලා අවශ්‍යතාවය පරිදි එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා මෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ඉකුත් හතවෙනිදා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ විටයි.

එහිදී කරුණු දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, අධි ආරක්‍ෂිත කලාප යනු ස්වාභාවිකව පවතින සීමා නොවන බවත් ඒ නිසා පවතින ආරක්ෂක තත්ත්වයන් සලකාබැලීමෙන් අනතුරුව එම අධි ආරක්‍ෂිත කලාප සීමා වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමයි.

මෙහෙම අවුරුදු සමරන්න බෑ - සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්

මෙහෙම අවුරුදු සමරන්න බෑ - සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්

එසේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ පුද්ගලික ඉඩම් නැවත එම ජනතාවටම ලබාදීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ ගැටලු සඳහා ද ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා, ආරක්ෂක කඳවුරු හා විවිධ කටයුතු සඳහා පවරාගෙන ඇති ජනතාවගේ පෞද්ගලික ඉඩම් නැවත ඔවුන්ටම ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කර ඇත.

තවද නැවත ලබාදිය හැකි පෞද්ගලික ඉඩම් ලබාදීමටත්, එසේ ලබාදීමට අපහසුතා පවතින ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ වැදගත්කමත් අනුර කුමාර දිසානායක මහතා සිහිපත් කර ඇති බව සඳහන්.

වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නරක ආරංචියක් - වාහන ආනයනකරුවනුත් දැඩි අර්බුදයක

වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නරක ආරංචියක් - වාහන ආනයනකරුවනුත් දැඩි අර්බුදයක

මේ අතර රජයේ ආර්ථික කටයුතු සඳහා ආරක්ෂක කඳවුරු පවතින ප්‍රදේශවල ඉඩම් කොපමණ ප්‍රමාණයක් යොදාගත හැකිද යන්න සොයා බලා වාර්තා කිරීමටද ඔහු විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම කාරක සභා රැස්වීමේදී 2026.04.09 දින පාර්ලිමේන්තු අනුමතියට ඉදිරිපත් කිරීමට නියමිත (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ඉදිරිපත් කළ නියෝග සලකා බැලීමෙන් පසුව අනුමත කිරීමද සිදුව ඇත.    

අවුරුදු කාලත් හමාරයි - අවුරුදු කටේ තියලා මේ ද්‍රව්‍යවලත් මිල ඉහළට නව මිල මෙන්න

අවුරුදු කාලත් හමාරයි - අවුරුදු කටේ තියලා මේ ද්‍රව්‍යවලත් මිල ඉහළට නව මිල මෙන්න