කතානායක වනචරයන්ට බය වෙලා පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා - ඇමති බිමල් පාර්ලිමේන්තුවේ දෙහි කපයි

Report

අද දින (09) රැස් වූ පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා වනචර ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට බිය වී කටයුතු කරන බවට සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී දැඩි චෝදනාවක් එල්ල කළේය.

ඒ අනුව බිමල් රත්නායක ඇමතිවරයා පවසා සිටියේ සභාවේ විනය පවත්වාගෙන යාමට ඇති බලතල ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත්ව ඇති බවයි.

ඔය තුන්වෙනි පුටුවෙ ඉන්න ඇමතිවරයා හිරේ දාන්න...පාර්ලිමේන්තුව දෙවනක් කරමින් චමින්ද විගණන වාර්තාව දමලා අරී

ඔය තුන්වෙනි පුටුවෙ ඉන්න ඇමතිවරයා හිරේ දාන්න...පාර්ලිමේන්තුව දෙවනක් කරමින් චමින්ද විගණන වාර්තාව දමලා අරී

සභානායකවරයා පෙන්වා දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු අතිශය වාචාල සහ වනචර අන්දමින් සභාව තුළ හැසිරෙන බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

"මේ වනචර තත්ත්වය වෙනස් කරන්න ඔබතුමාලා කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අද පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා තිබෙන්නේ මේ වනචර කතා කියන තුන් හතර දෙනාට කතානායකතුමයි, නියෝජ්‍ය කතානායකතුමයි බය වෙලා ඉන්න නිසයි," ලෙසයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ මෙවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට ඇති තරම් බලතල පවතින බව පෙන්වා දුන් සභානායකවරයා, විශේෂයෙන් 77, 78 සහ 79 යන ස්ථාවර නියෝග යටතේ සජීවී විකාශනය නතර කිරීමට හෝ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් කිරීමට හැකියාව තිබියදීත් ඒවා ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ප්‍රශ්න කළේය.

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය ද මෙවැනි අශෝභන හැසිරීම් පාලනය කිරීමට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවට ඔහු චෝදනා කළේය. සභාව තුළ මන්ත්‍රීවරියන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදින තත්ත්වයක් පවතින බවත්, එය වැළැක්වීමට මන්ත්‍රීවරියන් සියලු දෙනා එක්ව අත්සන් කරන ලද ලිපියක් කතානායකවරයාට භාර දුන්නද ඉන් පලක් නොවූ බවත් බිමල් රත්නායක මහතා සිහිපත් කළේය.

"මන්ත්‍රීවරියන්ට නැගිටලා කතා කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. වනචරයින්ගේ සහ මදාවින්ගේ බලයට යටවෙච්ච පාර්ලිමේන්තුවක් ගැන ලෝකයට ආදර්ශ දෙන්න එපා," යැයි ඔහු සභාපති පීඨයෙන් ඉල්ලා සිටියේය. අශෝභන වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා දඬුවන් දිය යුතු බවත් සභානායකවරයා අවධාරණය කළේය.

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්