සාගරය ගිනියම් වෙද්දී එල්නිනෝ තත්ත්වය හේතුවෙන් උදාවෙන තවත් භයානක බලපෑමක් ගැන විශේෂ අනාවරණයක්

Report

එල්නිනෝ තත්ත්වය සමඟ මුහුදේ මතුපිට ජල ස්ථරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය ගහනය ගැඹුරු මුහුද දෙසට ඇදී යෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න පහළ ගොස් ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

වත්මන් වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ඉ හළ යෑම කෙරෙහි මෙම පාරිසරික වෙනස්කම් ඍජුවම බලපා ඇති බව ද හෙතෙම සඳහන් කළේය. සාගරික වෙනස්කම් හමුවේ මතුව ඇති මෙම ගැටලුවලට විද්‍යාත්මක විසඳුම් සෙවීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ  සභාපතිවරයා ඇතුළු පර්යේෂකයින් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

සක්‍රීය වූ නිරිතදිග මෝසමෙන් දිවයිනටම බලපෑම් - ප්‍රදේශ රැසකට තද සුළං අනතුරු ඇඟවීම්

සක්‍රීය වූ නිරිතදිග මෝසමෙන් දිවයිනටම බලපෑම් - ප්‍රදේශ රැසකට තද සුළං අනතුරු ඇඟවීම්

එහිදී පාරිසරික, මානව හා ආර්ථික ශක්‍යතාවන් පිළිබඳව සොයාබලා මාස තුනක් ඇතුළත විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස පර්යේෂකයින්ට උපදෙස් දුන් බවත්, එම වාර්තාව පදනම් කරගෙන මෙම අර්බුදයට ස්ථිරසාර විසඳුමක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතරතුර මුහුණ දී ඇති අසීරුතාවලට කෙටිකාලීන සහනයක් ලෙස සුළු පන්න ධීවරයින් සඳහා මාසයකට රුපියල් 31,250 බැගින් මාස 3 ක් සඳහා රුපියල් 93,750 ක සහනාධාරයක් ද, බහුදින ධීවරයින් සඳහා එකවර රුපියල් ලක්ෂයක සහනාධාරයක් ද ලබාදීමට රජය පියවර ගෙන ඇත.

හෙට උදෑසන 9 දක්වා මේ පැති අවදානමේ - දැන්ම ප්‍රවේශම් වෙන්න

හෙට උදෑසන 9 දක්වා මේ පැති අවදානමේ - දැන්ම ප්‍රවේශම් වෙන්න

සුදුසුකම් ලත් ධීවරයින්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයකට මේ වන විටත් අදාළ සහනාධාර මුදල් ලබාදී අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා වැඩිදුරටත් තහවුරු කළේය.