සක්‍රීය වූ නිරිතදිග මෝසමෙන් දිවයිනටම බලපෑම් - ප්‍රදේශ රැසකට තද සුළං අනතුරු ඇඟවීම්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදන දෙකක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත එම නිවේදන ඉදිරි පැය 24ක් දක්වා කාලය සඳහා වලංගු වේ ඒ අනුව උතුරු – මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර ඇත දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු-මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එහි සදහන් වී තිබේ .
ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවත් නිවේදනයක් හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි.
ඒ වගේම එම දෙපාර්තුමේන්තුව විසින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.
මඩකලපුව සිට ත්‍රිකුණාමලය කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ, හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
