අඩු වූ බිත්තර මිල යළිත් වැඩිවෙන්න හේතුව මේකද..රජය දුන්න අලුත්ම විසඳුම මෙන්න..

Food Shortages Sri Lanka Food Crisis Ministry of Agriculture Egg Latest Headlines
By Sewvandhi Oct 06, 2024 01:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බවයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකදී එම අමාත්‍යංශයේ ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය. එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව පෙන්වා දුන්නේය.

තාත්තේ මට අදත් ඕනි...දැන දැනම ඔබේ දරුවාව..ඔබව මාරයාට ළං කරන 'වැක්ස් කරපු ක්ෂණික නූඩ්ල්ස්' ..

තාත්තේ මට අදත් ඕනි...දැන දැනම ඔබේ දරුවාව..ඔබව මාරයාට ළං කරන 'වැක්ස් කරපු ක්ෂණික නූඩ්ල්ස්' ..

"කොහොමත් මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 32ක 33 ක වගේ වියදමක් යනවා. මේ වියදමෙන් වැඩි කොටසක් තියෙන්නේ කුකුල් කෑම. 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත.

බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. ඒ ටික විසඳීමට අපි මේ දවස්වල කටයුතු කරමින් පවතිනවා. කොහොමත් බිත්තරයක් වෙළෙඳපොළේ රුපියල් 36 ක 37ක මිලකට තිබුණේ නැතිනම් කුකුල් කර්මාන්තෙට මේක බලපානවා.

ඉදිරියේ දී කුකුල් කෑම සඳහා යන නිෂ්පාදන වියදම, විශේෂයෙන් බඩඉරිඟු සඳහා යන වියදම 165ක් පමණ වෙනවා. ඒක 140කට වගේ අඩු කරන්න පුළුවන්. ඒ කටයුතු ටික කරගත්තට පස්සේ රටේ බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙයි".