අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.. සා.පෙළ සහ උ.පෙළ සිසුන් නිසා විශේෂයක් කරයි..

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination
By Aruna Mar 22, 2023 12:27 AM GMT
Aruna

Aruna

Report

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශේෂ නිවේදනයයි.

දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක වේ.

අ.පො.ස (සා/පෙළ) හා (උපෙළ) පන්තිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම් ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලනු ලැබේ.

මෙතෙක් ලබා දී ඇති සියලුම තාවකාලික අනුයුක්ත 2023.06.30 දින දක්වා දීර්ඝ කෙරේ.

එහෙත් 2023.06.30 දිනට පෙර ස්ථානමාරුවක් ලද ගුරුභවතුන් ස්ථාන මාරු ලිපිය ලැබුණු වහාම ඒ අනුව කටයුතු කළ යුතු වේ.

– මාධ්‍ය ඒකකය


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.