තව මාස 02කින් රටටම සුභ ආරංචියක්..අගෝස්තු වල ලංකාවට වෙන දේ මෙන්න..

Central Bank of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna Jun 14, 2023 05:58 AM GMT
Aruna

Aruna

Report

මෙරට වෙළෙඳපොළ සාමාන්‍යකරණයට ලක්වීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ණය මත පදනම් වූ ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරා කියා සිටින්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අපිට ණය මතම පදනම් වූ ආර්ථිකයක් ඉදිරියේ දී ගොඩනඟා ගන්න බෑ. ඒ නිසා සියලුදේට ගැළපෙන සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා.

මේකේ අපි විශේෂයෙන්ම දකින්න ඕන කාරණය තමා රටේ පහුගිය කාලපරිච්ජේදය තුළ අත්‍යවශ්‍ය සේවා සැපයීම තෙල්, විදුලිය, ගෑස් ඉඳලා අද සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා.

ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම.... අද වනවිට මිල ඉහළයෑම නතරවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර මිල පහළ ගිහින් තියෙනවා.

හැබැයි උද්ධමනය අඩුවීමට සාපේක්ෂව ඒ වේගයෙන් අඩුවෙලා නෑ. හැබැයි මේ වගේ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණ රටක සාමාන්‍ය වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගෙන්න තව මාස කිහිපයක කාලයක් ගතවෙයි."

මේ අතර අගෝස්තු මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.