රටටම සුභ ආරංචියක් - මුදල් ඇමතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

By krishani Apr 28, 2022 08:54 AM GMT
Report

විදුලි, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට මසක් තුළ විසදුම් ලබාදෙන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද(28) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීම පැවති අවස්ථාවේදියි.

මෙම පක්ෂ නායක හමුවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙන්ම වෙළද හා සමෘද්ධි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද කැදවා තිබුණා. පක්ෂ නායකයන් ද මෙහිදී ආර්ථික අර්බුදයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join