ප්‍රබල භූ කම්පනයක් - 69ක් ජිවිතක්ෂයට පත් වී විශාල පිරිසක් තුවාල ලබයි.. නිවාස බොහොමයක් කඩා වැටිලා..

Earthquake Nepal Death
By krishani Nov 04, 2023 02:01 AM GMT
krishani

krishani

Report

ඊයේ (03) නේපාලයේ බටහිර ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

එම ප්‍රදේශයේ නිවාස බොහෝමයක් කඩා වැටී ඇති අතර, ඉන්දියාවේ ද නවදිල්ලි දක්වා ගොඩනැගිලි කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම භූමිකම්පාව රික්ටර් මාපාංක 6.4ක් ලෙස සටහන් වූ බව නේපාලයේ ජාතික භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

නමුත්, එය රික්ටර් මාපක 5.7ක් ලෙස සටහන් වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ ය.

ReeCha