ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - ගොඩනැගිලි රැසක බිත්ති පුපුරා යයි..
France
Earthquake
By krishani
බටහිර ප්‍රංශයේ රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයක් භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම භූ කම්පන තත්ත්වය එරට සිදු වු ප්‍රබලතම භු කම්පනයක් ලෙස වාර්තා වේ.එරට භූ කම්පන වාර්තාවීම දුලබ සිදුවීමක් වන අතර එරට තුළ එවැනි භු කම්පනයක් අවසන්වරට සිදුවී ඇත්තේ 2019 වසරේ දී ය.
මෙම භූ කම්පන තත්ත්වයෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැඟිලි රැසක බිත්ති පුපුරා යාම් සහ ඉරිතැලීම් ද නීරීක්ෂණය වී තිබෙනවා.
කෙසේවෙතත්, භූ කම්පනයෙන් විදුලි රැහැන් කඩාවැටීම හේතුවෙන් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇත.