මෙරට තරුණ තරුණිය අතර ව්‍යාප්ත වන E සිගරැට්ටුව.

Sri Lanka United Arab Emirates Drugs
By Hashini Sep 26, 2023 05:14 AM GMT
Hashini

Hashini

Report

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙරට තරුණ තරුණියන් අතර නවතම “ඊ සිගරැට්” වර්ගයේ ප්‍රබල ඇබ්බැහිකාරක ඉලෙක්ට්‍රොනික දුම්වැටි වර්ගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන් කරනවා.

එහි අඩංගු මත්කාරකය නිකොටින් වන අතර එය ප්‍රබල ඇබ්බැහිකාරකයක් වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරනවා.

එම මණ්ඩලය පෙන්වා දෙන්නේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ශරීරයට වන හානිදායක තත්ත්වයන් මෙය භාවිතයෙන්ද විය හැකි බවයි.

මෙහි විවිධ නිෂ්පාදන එක්සත් අරාබි එමිර් රාජ්‍යය නිෂ්පාදනය කරන අතර විවිධ රසයන්ගෙන් සහ සුවඳින් යුතු නිෂ්පාදන වෙළෙඳපොළෙන් මේ වන විට මිලදී ගත හැකි බවද ඔවුහු පෙන්වා දෙනවා.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහන් කරන්නේ මේ වන විට මෙරට තරුණ තරුණියන් අතර මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි වර්ගය භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඉන් පාසල් දරු දැරියන් ආරක්ෂා කරගැනීම මවුපියන්ගේ වගකීම බවද එම මණ්ඩලය අවධාරණය කර සිටිනවා. 

ReeCha