ආපදාවට ලක් වූ දේපළවලට වන්දි හම්බුනේ නැද්ද? මෙන්න සුබ ආරංචියක්

Report

දිට්වා කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා වන්දි ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම වැඩපිළිවෙළ යටතේ ආපදාවට ලක් වූ ස්ථාන අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කර ඇත.

විශේෂයෙන් අධි අවදානම් කාණ්ඩයට අයත් ස්ථාන තවදුරටත් ප්‍රමුඛතාව 1, ප්‍රමුඛතාව 2 සහ ප්‍රමුඛතාව 3 ලෙස අනු කාණ්ඩවලට වෙන් කර ඇති අතර, වන්දි ගෙවීම මෙම ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව සිදු කරන බව සඳහන් වේ.

2026 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

2026 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

අධි අවදානම් කලාපවල සිටින පිරිස් නැවත පදිංචි කිරීමේදී රජයේ ප්‍රතිපාදන කාර්යක්ෂමව බෙදාහැරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය හඳුන්වාදී ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැහැදිලි කරයි.

තමන් අයත්වන ප්‍රමුඛතා කාණ්ඩය පිළිබඳව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දැනගත හැකි බවද සඳහන් වේ.

එමෙන්ම, එකම භූමි ප්‍රදේශයකට වාර්තා ලබා දී තිබුණද, වන්දි ගෙවීම් ප්‍රමුඛතා අනුව සිදු වන බැවින් අසල්වැසියන්ට මුදල් ලැබුණද තමන්ට මුල් වාරයේදී නොලැබිය හැකි බවද NBRO වැඩිදුරටත් දැනුම් දී ඇත. 

යුක්‍රේන කාන්තාවක් නිසා ඇවිළුණු ගල්කිස්ස - යුක්‍රේන කාන්තාව අත්අඩංගුවට

යුක්‍රේන කාන්තාවක් නිසා ඇවිළුණු ගල්කිස්ස - යුක්‍රේන කාන්තාව අත්අඩංගුවට