සැප රියේ මත්ද්‍රව්‍ය පුරවලා පටවද්දී සැකකරුවෙක් මාට්ටු

Report

පෙරියමුල්ල, ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී ජීප් රථයක් හදිසි පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී, ගංජා, කොකේන් සහ මත් කරල් සමඟ එහි ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

අදාළ ජීප් රථය පිළිබඳ අපරාධ විමර්ශන නිලධාරීන්ට ඇති වූ සැකයක් මත සිදු කළ දැඩි පරීක්ෂාවේදී, එහි සිටි පුද්ගලයා සතුව තිබී ගංජා ග්‍රෑම් 10ක්, කොකේන් ග්‍රෑම් 01ක් සහ මත් කරල් 100ක් සොයා ගෙන ඇති අතර, ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

තවදුරටත් සිදු කළ විමර්ශනවලදී සැකකරු නවාතැන් ගෙන සිටි ලැගුම්හලේ කාමරය සෝදිසි කිරීමෙන් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29 මිලිග්‍රෑම් 240ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 230ක් සොයා ගැනීමට හැකි වී ඇති බව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

ඒ සමඟම අත්අඩංගුවට ගත් සැකකරුට අයත් ඔසු සැලක්ද පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අමතරව මත් කරල් 1,000ක් සොයා ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් අදහාගත නොහැකි ආදායමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් අදහාගත නොහැකි ආදායමක්

මේ ප්‍රදේශ තවදුරත් අවදානම් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

මේ ප්‍රදේශ තවදුරත් අවදානම් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ