නගරේ මැදට කඩන් වැටුණු ප්රහාරයක සුන්බුන් නිසා ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වෙයි
ඩුබායි නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට මැඩපවත්වන ලද ප්රහාරයක සුන්බුන් පතිත වීමෙන් සුළු හානි සිදුව ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සිදුවීමෙන් කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා නොවූ බවත්, දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක අධීක්ෂණ කටයුතුවල කොටසක් වශයෙන් වැඩිදුර විමර්ශනයට ලක් කෙරෙන බවත් ය.
මේ අතර බලධාරීන් විසින් පූර්ව ආරක්ෂණ පියවරයන් ක්‍රියාත්මක කරන අතරතුර, නිල උපදෙස් පිළිපදින ලෙසත්, විමසිලිමත් වන ලෙසත්, ඩුබායි මාධ්‍ය කාර්යාලය (Dubai Media Office) පදිංචිකරුවන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.
එසේම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට හදිසි අනතුරු සහ ආරක්ෂක කණ්ඩායම් කඩිනමින් ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.
මේ අතර ප්‍රහාරක යානා (Drones) සහ ඒවායේ සුන්බුන් ආශ්‍රිතව වාර්තා වූ මෙවැනි සුළු සිදුවීම් කිහිපයකටම ඩුබායි බලධාරීන් ප්‍රතිචාර දක්වා තිබෙන අතර, කිසිදු තුවාලකරුවෙකු වාර්තා වී නොමැති බව සඳහන් කර ඇත.
එසේම සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් එක් එක් තත්ත්වයන් කඩිනමින් පාලනය කර තක්සේරු කර ඇති බව සඳහන්.