ඩ්‍රෝන කැමරා සහයෙන් වගා ඉඩම් ඇස්තමේන්තුවට පියවර ...
ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් කියා සිටියේ, චන්ද්‍රිකා තාක්ෂණය හෝ ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් මෙරට වගා කරන ලද භූමි ප්‍රමාණය ඇස්තමේන්තු ගතකිරීම සඳහා සහයෝගය ලබාදීමට අවධානය යොමුකර ඇති බව ය.
ඒ ,හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තා එළි දැක්වීම සඳහා පැවැති වැඩසටහනේ දී ය.
මෙම වැඩසටහනේ දී සාකච්චාවට ලක් වුයේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ ආයතන විසින් මෙරට වගාබිම් සම්බන්ධයෙන් ඇස්තමේන්තු සකස් කළ ද ඒවා එකිනෙකට වෙනස් දත්තයන් වන බව ය.
මෙහි සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ, ඩ්‍රෝන තාක්ෂණය හෝ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් වගා ඇස්තමේන්තු ගත කිරීමට අවධානය යොමුකර තිබෙනවා.