කුවේට්හි වාණිජ වරායකට දරුණු ප්‍රහාරයක් - මැද පෙරදිග ඇවිලෙයි
කුවේට්හි ප්‍රධාන වාණිජ වරාය වන සුවයික් වරාය (Shuwaikh Port) ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් එරට බලධාරීන් පවසා ඇත්තේ එම ප්‍රහාරයෙන් දේපළ හානි සිදුව ඇති නමුත්, කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැති බවයි.
කුවේට් වරාය අධිකාරිය සඳහන් කළේ අද (27) අලුයම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් වරායේ පහසුකම්වලට හානි සිදුව ඇති බවයි.
සිද්ධියත් සමග අදාළ අංශ ඒකාබද්ධව වහාම හදිසි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇත.
කුවේට් නගරයට ආසන්න කාර්මික කලාපයක පිහිටා ඇති සුවයික් වරාය, එරට මූලික මුහුදු වෙළෙඳ මධ්‍යස්ථානය වන අතර, භාණ්ඩ ගබඩා කිරීම, බෙදා හැරීම සහ වාණිජ නාවික කටයුතු සඳහා එය ප්‍රධාන වශයෙන් භාවිතා වේ.