නීති කඩන රියදුරන්ට හොදටම වැඩ වරදී

Report

පාරේදී රථ වාහන ධාවනයේදී ඇතැම් රියදුරන් විසින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සදහන් කර තිබේ

මේ වන විටත් නීතිවිරෝධී ආකාරයෙන් රිය පැදවීම්, ප්‍රධාන මාර්ගයන් හී තරගයට සහ විනෝදය උදෙසා නීතිවිරෝධීව සිදුකරන සිදුවීම් පොලීසිය වෙත වාර්තා වී තිබෙන බවත් එම තොරතුරු සියල්ල සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් එතුමා ප්‍රකාශ කරයි.

එවැනි සිදුවීම් සම්බන්ධව මහජනතාව විසින් මේ වන විට පොලීසිය වෙත තොරතුරු ලබා දෙමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර තිබේ මෙම සියලු තොරතුරු සඳහා විමර්ශන ආරම්භ කර අදාළ නීතිමය කටයුතු පොලීසිය විසින් සිදුකරනු ලබන බවත්ය.

අස්වැසුම සුබසාධක දෙවන අදියර ගැන නිවේදනයක්

අස්වැසුම සුබසාධක දෙවන අදියර ගැන නිවේදනයක්

මාර්ගයේ රිය ධාවනයේදී නීතියට අනුව සෑම විටම කටයුතු කරන ලෙස තමන් සියලු එතුමා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ නීති විරෝධී සිදුවීම් ඇතුළත් තොරතුරු පසුව ලැබුණද නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය ඇති බවයි .

මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

"විශේෂයෙන් කියන්න ඕන පණිවිඩේ තමයි ශ්‍රී ලංකා පොලීසිය හැටියට මහජනතාව සත්‍ය තොරතුරු වාර්තා කිරීම් සම්බන්ධයෙන් අපි ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නොහික්මුණු රියදුරන් සම්බන්ධව අපිට ඕනෑම අවස්ථාවක දැනුවත් කරන්න. ඒ සම්බන්ධව අපිට තිබෙන තාක්ෂණික දේවල් භාවිතා කරලා අපි ක්‍රියාමාර්ග ගන්නවා. අපිට දැනට වාර්තා කරලා තිබෙන සියලුම දේවල්වලට අපි ක්‍රියාමාර්ග අරන් තිබෙනවා.

ඒ නිසා අපි ඉල්ලනවා බස් රියදුරන්ගෙන්, තරුණයන්ගෙන්, සියලුම රියදුරන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා නීතිගරුකව රිය පදවන්න කියලා. කුමණ ආකාරයෙන් හෝ අධික වේගයෙන් ගිහින්, තරගෙට ගිහින් නොහික්මුණු ආකාරයෙන් පාරේ සෙල්ලම් දදා ගියොත්, රෝද දෙකෙන් යන්න ඕන එක තනි රෝදෙන් ගිහින්, මේවගේ ඒවාට කිසිම සමාවක් නෑ. නීතිය පස්සේ හරි අපි ක්‍රියාත්මක කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ තොරතුර පමණයි. එදිනම ඕනේ නෑ පසුව හරි තොරතුර වාර්තා වුණොත් විමර්ශන ආරම්භ කරලා අපි ඒ ක්‍රියාමාර්ග ගන්නවා."

අඹේපුස්ස - අලව්ව අතර දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

අඹේපුස්ස - අලව්ව අතර දුම්රිය ධාවනය ගැන නිවේදනයක්