නුවන් තුෂාරට අයි.පී.එල් අහිමි වන ලකුණු

Report

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

 එයට හේතුව බවට සදහන් වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනිවාර්යය කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විරෝධතා නොමැත සහතික නිකුත් කිරීමට අදාළ පරීක්ෂණය මෙම තරගාවලිය සඳහා සහභාගීවන ක්‍රීඩකයින් සමත්විය යුතුය

කෙසේවෙතත් නුවන් තුෂාර අදාළ පරීක්ෂණ අසමත්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ESPNcricinfo වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබේ

කෙසේවෙතත් ඉදිරියේදී නුවන් තුෂාරට නැවතත් යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටිය හැකිය නමුත් ඒ සඳහා තවත් දින හතරක් හෝ පහක කාලයක් ගත වේ.