රියැදුරු බලපත්‍ර මුද්‍රණය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..
රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබෙනවා.
දැනට රියැදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ මුද්‍රණය කිරීම සඳහා ගොඩගැසී තිබීමත්, ප්‍රමාණවත් මුද්‍රණ යන්ත්‍ර නොතිබීමත් මත මෙම වගකීම පුද්ගලික සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලැබී ඇති බවයි පැවසෙන්නේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශය මත ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් අදාළ කැබිනට් පත්‍රය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.
මේ අනුව දැනට ගොඩගැසී ඇති ලක්ෂ අටක රිය බලපත්‍ර මාස තුනක් ඇතුළත මුද්‍රණය කර අයිතිකරුවන් වෙත බාරදීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට ශ්‍රී ලංකා යුද හමුදාවට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ වගකීම පැවරී තිබුණා.