රියදුරු බලපත්‍රය ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..තව සති 02කින් වෙන දේ..

Sri Lanka Driving Licence
By Aruna Oct 31, 2022 01:34 AM GMT
Aruna

Aruna

Report

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා කාඩ්පත්වල පවතින හිගය හේතුවෙන් මේවනවිට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් පමණ ලබාදීමට නොහැකිව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, තවත් සති 02ක පමණ කාලය තුළ මෙම කාඩ්පත් හිගය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

රියදුරු බලපත්‍ර අළුත් කිරීම් සහ අළුතින් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා පුද්ගලයින් වෙත තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බවද මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා කියා සිටියා.

එලෙස ලබාදුන් තාවකාලික බලපත්‍රවලින් කොටසක වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන අතර අනෙක් කොටස ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා වලංගු වන බවයි මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now