මෙච්චර ගොඩක්?. වැඩිම බර්ගර් තොගයක් කෑ මිනිසා.. හිතාගන්නවත් බැරි පුදුම හිතෙන ගාණක් කාලා.. (PHOTOS)
Latest Headlines
By krishani
ජීවිත කාලය තුළ වැඩිම බිග් මැක් බර්ගර් ප්‍රමාණයක් පරිභෝජනය කළ පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන ඩොනල්ඩ් ගෝර්ස්කේ තම ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන ඇත.
ඔහු 70 වියේ පසු වේ.
2023 වසර තුළ ඔහු පරිභෝජනය කර ඇති බර්ගර් ප්‍රමාණය 728ක් වන අතර මෙතෙක් පරිභෝජනය කර ඇති බර්ගර් ප්‍රමාණය 34,128ක් වේ.
ඒ ලෙසින් ඔහු ගිනස් ලෝක වාර්තා මගින් එය ලේඛනගත කර ඇත.
වසර 52 කට පෙර එනම් 1972 මැයි 17 වැනි දා ඩොනල්ඩ් ගෝර්ස්කේගේ බර්ගර් ගමන ආරම්භ කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු කියා සිටියේ ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලයත් බර්ගර් පරිභෝජනය කරමින් ගෙවා දමන බවයි.
