ඩොලරයට එරෙහිව රුපියල තවත් ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද ඩොලර් මිල මෙන්න

Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද  ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, වාණිජ බැංකුවල ඩොලර් විකුණුම් අනුපාතික රු. 332 ආසන්නයේ පවතී.

සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 323.75ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 333.00ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව වෙනසක් නොමැතිව පවතී.

NDB බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 323.50 සිට රු. 323.30 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 332.30 දක්වාත් පහත වැටී තිබේ.

මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 323.96 සිට රු. 323.86 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 331.99 සිට රු. 331.89 දක්වාත් අඩු වී ඇත.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 322.11 සිට රු. 322.35 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.25 සිට රු. 332.00 දක්වා පහත වැටී තිබේ.

මේ අතර, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 324.00ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 332.00ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්