හිමාලයෙන් කඩා වැටුණු අයිස් සහ පාෂාණ ගංවතුරක් ඇති කළ හැටි - නේපාල ගංවතුරේ ආරම්භය කැමරාවේ ඩ්‍රෝන කැමරාවේ සටහන් වූ දර්ශන [VIDEO]

Report

නේපාලය සහ ටිබෙට් ප්‍රදේශවල දැවැන්ත ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර සිදුවූ ග්ලැසියර කඩා වැටීමක් අහම්බෙන් ඩ්‍රෝන කැමරාවක සටහන් වී තිබේ.

චීන ජාතික ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගෙන ඇති මෙම දර්ශනවල දැක්වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 7,200කට වැඩි උසකින් පිහිටි ලැන්ටැන්ග් ලිරුං කඳු මුදුන ආසන්නයේ දැවැන්ත පාෂාණ සහ ග්ලැසියර අයිස් කොටස් කඳු බෑවුමකින් කඩා වැටෙන ආකාරයයි.

ග්ලැසියරය සහ පාෂාණ කඩා වැටීමත් සමඟ විශාල දූලි වලාකුළු කඳුකර ප්‍රදේශය පුරා පැතිර යන අයුරුද ඩ්‍රෝන දර්ශනවල දැකගත හැකිය. අනතුරුව අයිස්, පාෂාණ, මඩ සහ විශාල සුන්බුන් ප්‍රමාණයක් මීටර් 1,200ක් පමණ පහළින් පිහිටි නිම්නය වෙත වේගයෙන් ඇදී ගොස් ඇති අතර, එමගින් භෝටෙකෝෂි සහ ත්‍රිශූලි ගංගාවල ජල මට්ටම් දැඩි ලෙස ඉහළ ගොස් හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

අගෝස්තු 26 වැනිදා සිදුවූ මෙම ආපදාවෙන් නේපාලයේ පුද්ගලයින් 903 දෙනෙකු සහ ටිබෙට් ප්‍රදේශයේ 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වන අතර, නේපාලයේ පමණක් තවත් පුද්ගලයින් 4,500කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව සඳහන් වේ.

නේපාලය තවත් මාරකයක් අභියස - නේපාලයෙන් අස්ථාවර ජලාශයක් නිර්මාණය වෙයි

නේපාලය තවත් මාරකයක් අභියස - නේපාලයෙන් අස්ථාවර ජලාශයක් නිර්මාණය වෙයි

නේපාලය මුහුණ දී ඇති දැවැන්ත ආපදාව

නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කර ඇත්තේ රට “කල්පනා කළ නොහැකි තරම් හද කම්පා කරවන ස්වභාවික ආපදාවකට” මුහුණ දී සිටින බවයි.

රසුහා දිස්ත්‍රික්කයේ භෝටේකෝෂි ගඟ ආශ්‍රිතව ඇති වූ ගංවතුර හේතුවෙන් ජීවිත හානි, දේපළ හානි සහ යටිතල පහසුකම්වලට සිදුවූ හානි පිළිබඳ සම්පූර්ණ තොරතුරු රැස් කිරීම පවා අතිශය දුෂ්කර වී ඇති බවද ඔහු පවසා තිබේ.

අයහපත් කාලගුණය, දුෂ්කර කඳුකර භූමි සහ තවදුරටත් පවතින අවදානම් හමුවේ වුවද ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව නේපාල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිමාලය ආශ්‍රිත මෙවැනි ආපදා වැඩිවෙමින්

හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල ග්ලැසියර සහ පාෂාණ කඩා වැටීම් හේතුවෙන් මහා පරිමාණ ආපදා සිදුවීම මෑත වසරවලදී කිහිපවරක් වාර්තා වී තිබේ.

2021 වසරේදී ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ රොන්ටි කඳු මුදුනෙන් දැවැන්ත පාෂාණ හා අයිස් ප්‍රමාණයක් කඩා වැටීමෙන් ජල විදුලි බලාගාරයකට දැඩි හානි සිදුවූ අතර පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදන් විය.

2023දී සිකිම් ප්‍රාන්තයේ දකුණු ලෝනාක් විලට පාෂාණ කඩා වැටීමෙන් ග්ලැසියර විලක ජලය විශාල වශයෙන් පිටතට ගලා ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගිලි සහ පාලම් රැසකට හානි සිදුවිය.

එමෙන්ම 2025දී ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුකරයේ බර්ච් ග්ලැසියරයෙන් දැවැන්ත පාෂාණ සහ අයිස් ප්‍රමාණයක් කඩා වැටීමෙන් බ්ලැටන් ගම්මානයේ විශාල කොටසක් යටවී තිබිණි.

මෙවැනි සිදුවීම් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ග්ලැසියර, පාෂාණ සහ දේශගුණික වෙනස්කම් අතර සම්බන්ධතාව පිළිබඳවද විද්‍යාඥයන්ගේ අවධානය තවදුරටත් යොමුව තිබේ.

නේපාල-ටිබෙට් දේශසීමාවේ නායයෑමේ ඉහළ අවදානමක් පවතින බව චීනය අනතුරු අඟවයි

නේපාල-ටිබෙට් දේශසීමාවේ නායයෑමේ ඉහළ අවදානමක් පවතින බව චීනය අනතුරු අඟවයි