මාර්ග සංවර්ධන අධිකාරියෙන් සුභ ආරංචියක් - අධිවේගී මාර්ගයෙන් වාර්තාගත අදායමක්
මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ සදුදා (24) දිනයෙන් ආරම්භ වූ ඉකුත් සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බවයි.
එමෙන්ම ඉකුත් 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා අධිවේගී මාර්ග පද්ධතියට අයත් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්හි ගමන් ගත් වාහන ප්‍රමාණය 1,095,895ක් බව ද සඳහන්.
මේ අතර දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 35කට අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
මින් පෙර අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් 124,574,925ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වාර්තා කළේය.
එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වූ මුළු වාහන සංඛ්‍යාව 325,316ක් වන අතර, අගෝස්තු 26 වනදා වාහන 163,763ක් ධාවනය වී ඇති අතර, එදින ලැබූ ආදායම රුපියල් 60,409,995කි.
අගෝස්තු 27 වනදා අධිවේගී මාර්ග භාවිත කළ වාහන සංඛ්‍යාව 161,553ක් වන අතර, එදින රුපියල් 64,164,930ක ආදායමක් උපයා ඇත. ඒ අනුව පසුගිය සතියේ දින පහක නිවාඩු කාලය තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව පැහැදිලි වේ.