නේපාල ගංවතුරින් මියගිය ගණන 903 දක්වා ඉහළට
නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ජලගැලීම් හේතුවෙන්, දැනට ඉදිවෙමින් පවතින ජල විදුලි බලාගාරයක උමං මාර්ග තුළ කම්කරුවන් 350කට අධික පිරිසක් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උමං තුළ සිරවී සිටින කම්කරුවන් මුදාගැනීම සඳහා නේපාල ආපදා කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් 10,000කට අධික පිරිසක් යොදවා ඇති අතර, එම මෙහෙයුම් සඳහා ඉන්දියානු සහ චීන විශේෂඥ කණ්ඩායම්වල සහාය ද හිමිව තිබේ.
උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න
නේපාල ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මඟින් බරපතල යන්ත්‍රෝපකරණ අදාළ ප්‍රදේශ වෙත ප්‍රවාහනය කරමින් මෙහෙයුම් වේගවත් කර ඇත.
මෙම දැවැන්ත ගංවතුරින් නේපාලයේ සමස්ත විදුලි බලාගාර පද්ධතියෙන් සියයට 10කට අධික ප්‍රමාණයකට දැඩි ලෙස හානි සිදුව ඇති බව ද වාර්තා වේ.
ඉකුත් අගෝස්තු 26 වනදා නේපාල-ටිබෙට් දේශසීමා ආසන්නයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් හිමකඳු නායගොස් 'බොටේ කොෂි'ගංගාව එකවර පිටාර ගැලීමෙන් මෙම විනාශකාරී ස්වාභාවික ආපදාව හටගෙන තිබුණි.