දිගටම බාල්දු වෙච්ච රුපියල යම් දුරකට ස්ථාවර..
සඳුදා දිනයට සාපේක්ෂව අද (30) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතිකය බොහෝ දුරට ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 299.30 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතිකය රු. 304.80 ක් ලෙසද නොවෙනස්ව පවතී.
NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය රු. 299.25 ක් සහ රු. 305.75 ක් ලෙස නොවෙනස්ව පවතී.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 299.07 සිට රු. 299.12 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතිකය රු. 305.66 සිට රු. 305.71 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය රු. 297.29 ක් සහ රු. 305.75 ක් ලෙස නොවෙනස්ව පවතී.