අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්...

By Wasantha Jun 30, 2021 07:20 AM GMT
Wasantha

Wasantha

Report

මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී ගිනි මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය වරයා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජූලි මාසයේ දී ඉන්දියානු සංචිත බැංකුව සමග එළඹෙන ද්විපාර්ශික මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ලබාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඉල්ලා යොමු කළ කැබිනට් සංදේශයක් මගිනි. ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙම මුදල ලබාගැනීම ඉකුත්දා මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now



ReeCha