ඔස්කාර් ඉතිහාසයට නව පිටුවක්

Report

2026 ඔස්කාර් සම්මාන උළෙල (98වැනි ඇකඩමි සම්මාන උළෙල) හිදී මයිකල් බී. ජෝර්ඩන් හොඳම නළුවා සම්මානය දිනා ගෙන ඇත.

ඔහු මෙම සම්මානය දිනාගත්තේ රයන් කුග්ලර් අධ්‍යක්ෂණය කළ "සිනර්ස්" චිත්‍රපටයේදී ඔහු නිරූපණය කළ දෙපිරිස් භූමිකාවන් වෙනුවෙනි.

මෙය මයිකල් බී. ජෝර්ඩන්ගේ පළමු ඔස්කාර් සම්මානය වන අතර, ඔහු ඔස්කාර් ඉතිහාසයේ කළු ජාතික නළුවෙකුගේ හොඳම නළු සම්මානය දිනාගත් හයවැනි පුද්ගලයා බවට පත්ව ඇත.

තවද, ඔස්කාර් ඉතිහාසයේ දෙපිරිස් භූමිකාවන් නිරූපණය කරමින් සම්මානය දිනාගත් පළමු නළුවා ද වේ.

බාල ගල් අඟුරු හින්දම මාළු කෑමත් අවදානම්

බාල ගල් අඟුරු හින්දම මාළු කෑමත් අවදානම්

ඔස්කාර් උළෙලේදී මයිකල් බී. ජෝර්ඩන්ට තරඟකාරීව තරඟ වැදුණු අය අතර ටිමෝති චලමෙ , ලියනාඩෝ ඩිකැප්‍රියෝ , ඊතන් හෝක් සහ වැග්නර් මූර වැනි නළුවන් සිටියහ. "සිනර්ස්" චිත්‍රපටය 1930 දශකයේ දකුණු ඇමරිකාවේ පදනම් වූ vampire horror-action චිත්‍රපටයකි.

එහිදී ජෝර්ඩන් දෙපිරිස් ගැංග්ස්ටර් සහෝදරයන් ලෙසින් රංගනය කර ඇති අතර, චිත්‍රපටය ඔස්කාර්වලදී නාමයෝජනා 16ක් ලබාගෙන ඉතිහාසයේ එකම චිත්‍රපටයක් ලෙස වාර්තාගත වී ඇත.

එය බොක්ස් ඔෆිස්වලදී ද මිලියන 369කට වැඩි ආදායමක් ලබාගෙන ඇත. මයිකල් බී. ජෝර්ඩන්ගේ මෙම ජයග්‍රහණයට පෙර ඔහු Actor Awards හිදී ද හොඳම නළු සම්මානය දිනාගෙන තිබූ අතර, එය ඔස්කාර් තරඟයේදී ඔහුට තීරණාත්මක ගමන් මගක් වූ බව විචාරකයෝ පවසති.

'ඉතා නරක' අනාගතයක් - ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට දැඩි අනතුරු ඇඟවීම්

'ඉතා නරක' අනාගතයක් - ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට දැඩි අනතුරු ඇඟවීම්