රෝගී තරුණියකට අතවර කළ දොස්තර මාට්ටු

Law and Order Doctors Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 06, 2025 05:42 AM GMT
Hashini

Hashini

Report

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 19 වියැති කාන්තාවක අපයෝජනය කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා යටතේ මීගමුව මූලස්ථාන පොලිසියේ කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ වෛද්‍යවරයෙකු මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත භාරයට පත් කරන ලද්දේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කළ මාරවිල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු බවයි වාර්තා වන්නේ .

ප්‍රදේශ රැසක් අද අඳුරේ

ප්‍රදේශ රැසක් අද අඳුරේ

මීගමුව මූලස්ථාන පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයට වින්දිත කාන්තාව විසින් පසුගිය අප්‍රේල් 2 වැනිදා සිදු කළ පැමිණිල්ලක් පිළිබඳ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තල්වත්ත මහතා සමග කාන්තා උපපොලිස් පරික්ෂිකා එම්.එස් හසීම් මහත්මිය සහ සැරයන් ප්‍රසන්න සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙය වීය.  

ඔයත් වාසනාවන්තයෙක්ද? අස්වැසුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

ඔයත් වාසනාවන්තයෙක්ද? අස්වැසුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

ReeCha