මෙරට ප්‍රභල අමාත්‍යවරයෙකු ට එරෙහිව විශ්වාසභංගයක්..?

Parliment sajith premadasa Mahindananda aluthgamage
By Sithumi Oct 17, 2021 01:40 PM GMT
Sithumi

Sithumi

Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 

 එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වාදෙන්නේ ඒ සඳහා සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරි සතියේ රැස්වී තීරණය කරන බවය. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. 

 “දැන් පොහොර ලබාදීමේ ප්‍රශ්නය ආණ්ඩුව අනාගෙන තිබෙන්නේ. ඇත්තටම රට පුරා ඇයි මේ විරෝධතා ඇතිවෙන්නේ ? මේ ගොවි විරෝධතා ඇතිවෙන්නේ ආණ්ඩු විරෝධී ක්‍රියාදාමයක් ලෙස නොවේ. ඔවුන් කියන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ලබාදෙන්න කියලා. එතකොට මේක නිරන්තරයෙන් ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත්කරන්න මග පාදන්නේ වෙන කවුරුත් නොවේ ආණ්ඩුවමයි.

සමගි ජන බලවේගය විදිහට අපි ඉතාමත් පැහැදිලිව කියනවා මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව කල්ගත්තා වැඩියි. ඒ නිසා ආණ්ඩුවේ අසමත්කම මෙයින් ප්‍රදර්ශනය වෙනවා. 

විෂය භාර ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්නේ නැතිනම් ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව විශ්වාසභංගත්වයක් ඇතිවෙලා තිබෙනවා යැයි කියන කාරණය පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන්න අපිට සිදුවෙනවා.