ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්.

United Nations Ranil Wickremesinghe Sri Lanka IMF Sri Lanka
By Hashini Sep 20, 2023 05:06 AM GMT
Hashini

Hashini

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් ඊයේ (19) හමු වී තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට අත්කරගෙන සිටින ප්‍රගතිය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කල අතරම,එය සාර්ථකව අවසන් කිරීම සඳහා ලක් රජයේ කැපවීම පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දක්වා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ දුෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා විධිමත් ව පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමේ අභියෝගයකට මුහුණ දී සිටින බවත් එම තත්ත්වය හමුවේ දුෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීමට තවත් වසර දෙකක කාලයක් ගත වන බවයි. 

ReeCha