සදෙහි ගිනි කඳු පුපුරා ගොස් ඇති බවට අනාවරණයක්. (VIDEO)
වසර බිලියන ගණනකට පෙර චන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශයේ ගිනි කඳු පුපුරා ගොස් ඇති බවට එක්සත් ජනපද සහ චීන පර්යේෂක කණ්ඩායම් අනාවරණය කරගෙන තිබෙනවා.
චන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශයෙන් චීනය ගෙන ආ පාෂාණ සාම්පල විශ්ලේෂණයකින් අනතුරුව එහි තිබී වසර බිලියන 4.2කට වඩා පැරණි බැසෝල්ට් නමැති ගිනි කඳු විදාරණයෙන් පසු ඇති වූ පාෂාණ කොටස් හමු වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
චන්ද්‍රයාගේ අපිට දැකගත හැකි ප්‍රදේශයේ ගිනි කඳු ක්‍රියාකාරකම් සිදු වූ බවට විද්‍යාඥයින් දැන සිටිය ද පෘථිවියට දර්ශනය නොවන ''අඳුරු ප්‍රදේශය'' භූ ප්‍රදේශයෙන් වෙනස් බවට මත පළ කර ද එය ගවේෂණය කිරීමට අවස්ථාවක් හිමිවුයේ නැහැ.
කෙසේ වෙතත්, චන්ද්‍රයාගේ අඳුරු ප්‍රදේශය ගවේෂණය කිරීම සඳහා චීනය යොදාගනු ලැබූ චැන්ග් ඊ - 6 අභ්‍යවකාශ යානය මගින් එකතු කරගනු ලැබූ පාෂාණ සහ දූවිලි සාම්පල අධ්‍යයනය කිරීම හරහා එහි තිබී වසර බිලියන 4.2කට වඩා පැරණි බැසෝල්ට් නැතිනම් ගිනි කඳු විදාරණයෙන් පසු ඇති වූ පාෂාණ කොටස් හමු වී තිබෙනවා.
ගිනි කඳු පාෂාණවල කාල නිර්ණය කිරීම සඳහා චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයින් රේඩියෝමිතික කාල නිර්ණය යොදාගෙන ඇති අතර, මෙම විශ්ලේෂණය මගින් මීට වසර බිලියන 2.83කට පෙර චන්ද්‍රයාගේ අඳුරු පැත්තේ ද පිපිරීම් සිදුව ඇති බවට ද සොයාගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
සඳේ භ්‍රමණ කාලයත්, පෘථිවිය වටා පරිභ්‍රමණය වීමටත් ගතවන කාලයත් සමාන වීම හේතුවෙන් පෘථිවියට සෑම අවස්ථාවකදීම දිස්වන්නේ චන්ද්‍රයාගේ එක් අර්ධයක් පමණයි. මේ නිසා අපට දිස්වන්නේ සඳේ මතුපිට පෘෂ්ඨයෙන් 59%ක ප්‍රමාණයක් වන අතර ඉතිරි 41%ක ප්‍රදේශය පෘථිවියෙන් සැඟව අඳුරේ පවතිනවා.
-
NPP 0
Jathika Jana Balawegaya
0% -
SJB 0
Samagi Jana Balawegaya
0% -
NDF 0
New Democratic Front
0% -
ITAK 0
Ilankai Tamil Arasu Kadchi
0%