පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට.- මේවට නම් හොඳ වැඩේ කිවුවත් මදි.- බලන්නකෝ කරලා තියෙන වැඩේ.

By Wayomi Nov 18, 2024 07:22 AM GMT
Report

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනි සැමියාගේ බාල සහෝදරයාගේ නිවෙසේ සැගව සිටියදී ඊයේ (17) අත්අඩංගුවට ගත් බව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂිකාවකි.