ඈ.මොකක්? - නව රජයට සමගි ජනබලවේගයේ පූර්ණ සහය.

Sri Lanka Politician Government Of Sri Lanka Samagi Jana Balawegaya
By Wayomi Nov 18, 2024 11:10 AM GMT
Wayomi

Wayomi

Report

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය.

රජය වැරදි මාර්ගවල ගමන් කරන අවස්ථාවල ඊට විරුද්ධව නැගි සිටිමටත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනිමටත් සමගි ජනබලවේගය කැප වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා තවදුරටත් මෙසේද කීවේය.

“ජාතික ජනබලවේග රජයට ජනතාව විසින් තුනෙන් දෙකක බලයක් ලබාදිලා තිබෙනවා. සමගි ජන බලවේගය එම ජන මතයට ගරු කරනවා. ජනතාවගේ ජිවන මට්ටම ඉහළ මට්ටමකට ගෙන ඒමට, රට තුළ වෙනසක් ඇති කරලිමට රජය ලබාදුන්න පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉටු කරවීම විපක්ෂයේ ප්‍රබලම දේශපාලන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කාර්යය වනවා.

රට කඩා වට්ටන්න, රටේ ආර්ථිකට කඩා වට්ටන්න, පටු දේශපාලන අවශ්‍යතා මත සියලුම දේවල් විනාශ කර දමන්න සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක කටයුතු කරන්නේ නැහැ. නමුත් රජය වැරදි මාර්ගවල ගමන් කරන අවස්ථාවල ඊට විරුද්ධව නැගි සිටිමට සහ රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරවා ගැනිමට සමගි ජනබලවේගය කටයුතු කරනවා.

ණය ගෙවීමේ හැකියාව වැඩි කරගැනිම, ආදායම් මාර්ග වැඩි කරගැනිම, නිෂ්පාදනය වැඩි කර ගැනිම, නිෂ්පාදනය වැඩි කරගැනිම, අපනයනය වැඩි කර ගැනිම, අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරිම, කෘෂිකර්මාන්තය දියුණු කිරිම, වැවිලි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරිම, සංචාරක කර්මාන්තය දියුණුව, රැකියා ගැටලුවට විසදුම් පිලිබදව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ සියයට 60 ක වගේ ප්‍රමාණයක්. ඡන්දය නොදුන්න බහුතරයක් දක්ෂිනාංශික මතය නියෝජනය කළ ජනතාව. යම් පක්ෂයක් මැතිවරණයක් දෙකක් පරාජය වු පමණින් දේශපාලනයෙන් අතුගැවිලා යන්නේ නෑ. කිසිම පක්ෂයක් ජයග්‍රහනය කළ පමණින් එම ජයග්‍රහනය සදාකල් රැදි තිබෙන්නෙත් නෑ. ජයග්‍රහන සහ පරාජ සදාකාලික දේවල් නෙවෙයි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය අලුත් කළොත් පමණයි ජයග්‍රහන ලබා ගැනිමට හැකියාව ලැබෙන්නේ” 

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha