ආපදා මරණ තවත් ඉහළට
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.
ඒ වගේම අද (09) උදෑසන 09.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 191ක් තවමත් අතුරුදන් ඇත තවද පවුල් 501,958කට අයත් පුද්ගලයින් 1,737,330ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව තිබේ. ඒ වගේම වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව සදහන් වේ.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී තිබේ.
තව දුරටත් එම නිවේදනයේ සදහන් වෙන්නේ පවුල් 20,373ක පුද්ගලයින් 63,628ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවයි.
මේ අතර නිවාස 5,354ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර නිවාස 81,621කට අර්ධ හානි සිදුව තිබේ.