දෙවියනේ ඔබ භාවිතා කරන ඒවගෙත් 'බිස්ෆීනෝල්' පිළිකාකාරක අඩංගුද..වහාම දැනුවත්වන්න..අදම මේ දේ ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න..

By Sewvandhi Nov 02, 2024 01:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නිතර නිතර භාවිතය සදහා පාසැල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිළදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබද අවධානය යොමු කරන ලෙසයි.

පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමග ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සදහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සදහා සුදුසු බවයි, එම සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ, එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සදහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අළෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

දරුවන්ගේ ආහාර ඇසුරුම්වල සුරක්ෂිතතාව පිළිබද දැනුවත් කිරීම සදහා සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති උපුල් රෝහණ,

"දරුවන් සදහා භාවිතයට වෙළදපොලේ තිබෙන ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි බහුතරයක් නිපදවලා තිබෙන්නේ අනාරක්ෂිත ප්ලාස්ටිකවලින් බව වෙළදපොල නිරීක්ෂණවලදි අපට තහවරු වුණා. භයානකම තත්වය තමයි මේවායේ බිස්ෆීනෝල් ඒ වැනි පිළිකාකරන අඩංගු වෙන්න පුළුවන්.

එවැනි අනාරක්ෂිත ප්ලාස්ටික් උපකරණ ආහාර පාන සදහා භාවිත කිරීම තුළින් දරුවන්ට පිළිකා වැලදීමේ අවධානම මෙන්ම මදසරුභාවය, ලිංගික දුබලතාවය, වැනි ප්‍රජනක පද්ධතිව ආශ්‍රිත ව්‍යාකූලතා වගේම පියයරු පිළිකා වැනි තත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මේක දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධය භයානක තත්වයක්.

ඒ නිසා අංක 5 සහ ආරක්ෂිත සලකුණ සදහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන් වෙනුවෙන් මිලදි ගන්න කියලා මම දෙමාපියක් ඇතුළු රටේ සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂිත අංකය සහ සලකුනු සදහන් නොවන හෝ කිසිදු අංකයක් සදහන් නොවන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් උපකරණ අළෙවිකරණ ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පණතට අනුව නඩු පැවරීමට කටයුතු කරනවා"

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ මේ පිළිබද වෙළදපොල නිරීක්ෂණ සහ වැටලීම් කටයතු එළඹෙන සතියේ සිට ආරම්භ කරනු ලබව බවයි.

ReeCha