තොරතුරු තියෙද්දිත් පාස්කු ප්‍රහාරය නොවැලක්වූ ලොක්කා ගෙදර යවයි

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණයට එළඹ ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන වැරදිකරු බවට තීරණය වීමෙන් පසුව ය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කොමිසම ඊයේ (18) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙලෙස නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබේ.

එවකට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන ය.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට ඔහු කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කළ මූලික අයිතිවාසිකම් නඩු විභාගයෙන් ද ඔහු වරදකරු කෙරිණි. ඒ අනුව මේ ආකාරයෙන් සේවයෙන් පහ කිරීමට තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ