කුළුදුලේ මව් පදවියට සැරසෙන දිනක්ෂි පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් කියූ ප්‍රේමනීය කතාව(VIDEO)

gossip Pregnant Dinakshie saranga
By Sithumi Aug 28, 2021 06:04 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා යුවලක් වන සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ආදරණීය යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

රංගනයට අමතරව නිවේදනය, ගායනය, නිරූපනය වැනි විවිධ ක්ෂේත්‍රයන් රැසකින්ම මේ ආදරණීය යුවල දක්ෂකම් දක්වනවා. ඉතින් පහුගිය කාලය පුරාවටම ඔවුන් ගැන අපිට නිතරම අහන්නට දකින්න ලැබුණා.

ඉතින් ඒ සුබ ආරංචිය තමයි මේ දෙන්නා හා හා පුරා කියලා උතුම් මව් පිය පදවිය ලබන්න සුදානම් වෙන ආදරණීය පුවත. ඉතින් මේ දවස් වල මේ පුංචි පැටියා මේ ලෝකෙට එනකන් මේ දෙන්නා ඉතාමත්ම ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා කියලනම් අපිට දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම සාරංග සහ දිනක්ෂිගේ විවාහ සංවත්සරය අද දිනට යෙදිලා තියනවා.

ඉතින් ඒ වෙනුවෙන් කවුරුත් ආදරය කරන දිනක්ෂි ප්‍රියසාද් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වල ආදරණීය සටහනක් තබා තිබුනේ මෙන්න මේ විදිහටයි. විලක නෙලුම් මට කුමටද, ඔබ හිනැහේ නම්. නෙතක කැලුම් විඳ සැතපෙමි, ඔබ සෙවණේ මම්. උදානොවන උදෑසනක්, රැයෙහි සිත සිතා. බලා හිදිමි අවදි වෙමින්, කදුලු වැල් ගොතා.

අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ. ඔබ පමණකි මා නෙත දුටු දෙවියො මෙලොවේ ඒ ජනප්‍රිය ගීතයක කොටසක් සටහන් කරමින් දිනක්ෂි මෙසේ ආදරණීය වදන් පෙළක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වල සටහන් තබා තිබුණා. ඉතින් මේ අද දින විවාහ සංවත්සරය සමරන මේ ආදරණීය යුවලට අපිත් සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery
ReeCha