ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු වෙනසක්..නවතම දුරකථන App එක..අලුතින්ම කරන්න යන වැඩේ මෙන්න..

By Sewvandhi Dec 08, 2021 03:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුපියල් මිලියන 200 ක් වැයකරමින් පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයට යටතේ ක්‍රියාත්මක වන ‘සහසර’ ව්‍යාපෘතිය ව්‍යාපෘතිය මඟින්.

එම ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික බස්රථ 2,000 කට GPS තාක්ෂණය ලබා දීම, බස්නාහිර පළාතේ ප්‍රවාහන සේවා මෙහෙයවීම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, පොදු ප්‍රවාහන සේවා සම්බන්ධීකරණය සඳහා නොමිලේ දුරකථන ඇප් එකක් හඳුන්වාදීම,

මගී ජනතාවට විද්‍යුත් ටිකට් පතක් හඳුන්වාදීම සහ ප්‍රධාන නගර 8ක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අටක් පිහිටුවීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් දිනකට කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 5කට අධික වාහන සංඛ්‍යාව අඩු කරගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය මෙම ව්‍යාපෘති මගින් බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පවසනවා.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේදී ඊයේ 7) පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම කරුණු හෙළි වූ බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery