ඩයනා ගමගේ ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දුවක් ලබා දී තිබෙනවා.
ඒ,සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඉදිරිපත් කර තිබුනේ, ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.