'..වරෙන්තු අවශ්‍ය නෑ.. අත්අඩංගුවට ගන්න.." අධිකරණයෙන් CIDයට උපදෙස්..!
CID - Sri Lanka Police
Sri Lanka
Diana Gamage
By Sewvandhi
මාස 1 කට පෙර
අද(9) දිනයේ දී, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ ඩයනා ගමගේ ගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙහි දී පැමිණිලිකාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
